දේශීය

මත්ජාවාරම් වලට සම්බන්ධ යුද හමුදා සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක්

(UTV | යාපනය) – මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලවී ඊට වරදකරුවන් වන යුද හමුදා සාමාජිකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධව ව්‍යාපාර සිදුකරන පුද්ගලයන් අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයන් ඒ සඳහා පෙළඹවීමට උත්සාහ කිරීමේ සිද්ධීන් වාර්තාවන බවත්, එවැනි අවස්ථා තහවුරු වූ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

යුධ හමුදාව තුළ මෙවැනි සිද්ධීන් කිසිසේත්ම අනුමත නොකරන බව ද ඒ මහතා දැඩි ලෙස අවධාරණය කළේය.

කඳවුරුවලින් පිටතදී හමුදා සාමාජිකයන්ට මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදුවන බවත් , එවැනි අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 84,000 ඉක්මවයි

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවට

Editor O

කොවිඩ් මැඩලීමට ස්වේච්ඡා බළකායක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment