දේශීය

ඔබත් නිවසක් අපේක්‍ෂාවෙන් සිටින කෙනෙක්ද?

(UTV |කොළඹ) – රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මැදි ආදායම්ලාභී සේවකයින් සඳහා ඔවුන්ගේ ආදායමට සරිලන නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට රජය තීරණය කරයි.

මෙම නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව ඇත.

ඒ සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සලසා ගැනීමට වසර 05 ක කාලයක් සඳහා වලංගු රුපියල් බිලියන 25 ක ණයකර නිකුතුවක්ද නිකුත් කිරීමට නියමිතය.

එම නිවාස විකිණීමෙන් ලැබෙන ආදායම් මගින් ණයකර පියවීම සිදු කෙරෙනු ඇති අතර  නිවාස මිලදී ගැනීම සඳහා අදාළ ගැනුම්කරුවන් වෙත සහන ණය පොළී අනුපාතිකයක් ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම නිවාස අනුව ගැනුම්කරුවන්ට අවුරුදු 25ත් 30ත් අතර කාලසීමාවක් ද හිමිවේ.

Related posts

ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි

Mohamed Dilsad

බිත්තර සඳහා සියයට 18% බද්දක් පනවයි.

Editor O

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment