දේශීය

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

(UTV |කොළඹ ) – ඇහැලියගොඩ – අවිස්සාවේල්ල මාර්ගයේ උඩුමත්ත ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර පසුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 63හැවිරිදි අයෙක්.

අනතුර සිදුකළ ත්‍රිරෝද රථ රියදුරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ඇහැලියගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

කාදිනල් හිමිගේ ඉල්ලීමට මුස්ලිම් කවුන්සිලයේ පූර්ණ සහයෝගය

Mohamed Dilsad

ඉන්ධන කෝටාව දෙගුණ වෙයි

Mohamed Dilsad

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

Mohamed Dilsad

Leave a Comment