දේශීය

පාසැල් පෙළ පොත් කට්ටල තොගයක් සොයා ගනී

(UTV |රත්නපුරය) – රජය විසින් පාසල් දරුවන් සඳහා නොමිලේ බෙදා දෙන පෙළ පොත් කට්ටල තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

ඒ කහවත්ත නගරයේ ඇති පැරණි පොත් සහ පුවත්පත් මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරන ස්ථානයකදීය.

මෙහිදී පෙළපොත් කට්ටල 1075ක් සොයාගෙන ඇති අතර  දෙමළ පාසල්වල හයේ සිට 11 වන ශ්‍රේණි දක්වා 2020 පාසල් වාරය සඳහා ලබා දීමට මෙම පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ 2019 වසරේ බව හෙලිව ඇත.

අදාළ අලෙවිසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.

Related posts

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑ

Mohamed Dilsad

ජපුර සිසුවාගේ සිද්ධියට සම්බන්ධ 15 කට පන්ති තහනමක්

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළායයි

Mohamed Dilsad

Leave a Comment