දේශීය

පාසැල් පෙළ පොත් කට්ටල තොගයක් සොයා ගනී

(UTV |රත්නපුරය) – රජය විසින් පාසල් දරුවන් සඳහා නොමිලේ බෙදා දෙන පෙළ පොත් කට්ටල තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

ඒ කහවත්ත නගරයේ ඇති පැරණි පොත් සහ පුවත්පත් මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරන ස්ථානයකදීය.

මෙහිදී පෙළපොත් කට්ටල 1075ක් සොයාගෙන ඇති අතර  දෙමළ පාසල්වල හයේ සිට 11 වන ශ්‍රේණි දක්වා 2020 පාසල් වාරය සඳහා ලබා දීමට මෙම පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ 2019 වසරේ බව හෙලිව ඇත.

අදාළ අලෙවිසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

ලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

විගණකාධිපති නොමැතිව සකසන විගණන වාර්තා අධීකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකියි – විගණන නිලධාරීන්

Editor O

Leave a Comment