දේශීය

අදත් ප්‍රදේශ රැසකට වැසි

(UTV |කොළඹ ) – අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පස්වරු කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ හා උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති වෙන බව කාලගුණ අංශය පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අතර තාවකාලිකව තද සුළං සහ අකුරු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

 

Related posts

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

Editor O

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

Mohamed Dilsad

Leave a Comment