දේශීය

උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට ඒකාබද්ධ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙලට අදාළ චක්‍රලේඛවල පවතින දෝෂ මහහරවා ගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ නිළධාරීන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිළධාරින් හා උපාධිධාරී සංගම් වල නියෝජිතයන් ඒකරාශිවී සාකච්ඡාවක් පැවැත්විය යුතු බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එහි කැදවුම්කරු චන්දන සූරියආරච්චි මහතා කියා සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ හමුවූ අවස්ථාවේදී තමා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

60,000 ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගතකිරීමේ වැඩපිළිවෙල සාධාරණව මෙන්ම විනිවිදභාවයකින් තොරව සිදුකළ යුතු බවත් මෙහිදී සාකච්ඡාවට බඳුන්වී ඇත.

ලේකම්වරයා ඊට සාධනීය ප්‍රතිචාරයක් පළ කල බවද චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

Mohamed Dilsad

පෞද්ගලික සේවක ගැටලු සාකච්ඡා කිරීමට ඉල්ලීමක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment