දේශීයප්‍රමුඛ පුවත 3

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සහ හෙට විශේෂ වැඩමුලුවක්

(UTV | කොළඹ) – 9 වැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරූන් සඳහා අද (25) සහ හෙට (26) යන දෙදින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විශේෂ වැඩමුළුවක් සංවිධානය කර ඇත.

මෙහිදී පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී මෙම වැඩමුළුව පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන අතර , කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ඊට සහභාගී වීමට නියමිතය.

Related posts

ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

කොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසර

Mohamed Dilsad

අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට විශේෂ දිනයක්

Mohamed Dilsad

Leave a Comment