දේශීය

කොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසර

(UTV | කොළඹ) – මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය (Condominium) ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා අදාළ ආනයන කිරීමට අවසර හිමිවන අතර අදාළ ආනයනික භාණ්ඩ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීමේ අරමුණින් ගෙන්වන ඒවා නොවිය යුතුවේ.

මේ සඳහා සිදුකරන ගෙවීම් සඳහා දින 180 ක ණය කාලයක් යටතේ වන ණයවර ලිපි මගින් කළ යුතු අතර ඒ සඳහා ආනයන අපනයන පාලක, භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යවරයාගේ අවසරය ලබා ගැනීම වැනි කොන්දේසි ඊට ඇතුළත් වේ.

Related posts

2015 සිට මේ දක්වා විභාග වංචා 439ක් – ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු

Editor O

කුරුණෑගල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට

Editor O

Leave a Comment