දේශීය

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

(UTV | කොළඹ) – හෙට (26) සිට පෞද්ගලික බස් ධාවනය 50%කටත් වඩා අඩුවිය හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න පවසා සිටියේ, නැවතත් ඉන්ධන අර්බුදයක් රට තුළ ගොඩනැගෙනමින් තිබෙන බවය.

පසුගිය දින තුන තුළ ලංගමයෙන් නිසි ලෙස ඩීසල් නොලැබුණ අතර අද දිනයේ දීත් පූර්ණ වශයෙන් බස් ධාවනය නොවු බව එහි දී ප්‍රකාශ කළේය.

දකුණු පළාතේත් අද දිනයේ දීත් බොහෝ බස්රථ ප්‍රමාණයක් ධාවනය කළ නොහැකි තත්ත්වයක පවතින බව ද ප්‍රකාශ කඝ අතර මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා කියා සිටියේය.

Related posts

සියලුම උපතැපැල් කාර්යාල අද වැසෙයි

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජව භාවිත කිරීමට අදාළව අගමැති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment