දේශීය

සියලුම උපතැපැල් කාර්යාල අද වැසෙයි

(UTV | කොළඹ) – දිවයින පුරා සියලු උපතැපැල් කාර්යාල අද (28) වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ, පවතින ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙනයි.

තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ නැවත දැනුම් දෙන තෙක් උපතැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 ත් පස්වරු 3.00 දක්වා කාලය තුළ පමණක් බවයි.

තැපැල් කාර්යාල සඳුදා දිනයේ වසා තැබෙන අතර අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.30 ත් පස්වරු 4.30 ත් අතර කාලයේ විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ්ගෙන් ප්‍රකාශයක්

Editor O

SJB මෙවර මැයි දිනය මහනුවරදී

Mohamed Dilsad

හෙට සිට කොරෝනා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යළිත්

Mohamed Dilsad

Leave a Comment