දේශීය

අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට විශේෂ දිනයක්

(UTV | කොළඹ) – ලබන අප්‍රේල් මාසයේ 05 වැනිදා සිට 09 වැනිදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.

එම තීරණයට අනුව අප්‍රේල් 05 වැනිදා විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වෙන බවත්, එදින පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා කාලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් විමසීමට අවස්ථාව සළසා දෙන බව සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.

එමෙන්ම 2019 අප්‍රේල් 21 එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 05 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.

 

Related posts

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

මහර රැඳවියන් සම්බන්ධ තොරතුරු විමසීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

කොවිඩ් -19 අරමුදලේ ශේෂය රු. මිලියන 800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment