දේශීය

හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

(UTV | කොළඹ ) – අද (24) හෙරොයින් 18.01gක් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

ඒ, මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොලගේ නියෝගයකට අනුවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය 2013 වසරේ ඔක්තෝම්බර් 30 වනදා ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණේ 33 හැවිරිදි දෙදරු පියෙකුටයි.

Related posts

අනුරාධපුර බන්ධනාගාරයේ ගැටුම සම්පූර්ණයෙන්ම පාලනය කරයි – පොලිසිය

Mohamed Dilsad

ග්ලයිෆොසේට් ගැසට්ටුව නිසා පළිබොධනාශක රෙජිස්ටාර්ට තනතුර අහිමි වෙයි

Mohamed Dilsad

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment