දේශීය

ග්ලයිෆොසේට් ගැසට්ටුව නිසා පළිබොධනාශක රෙජිස්ටාර්ට තනතුර අහිමි වෙයි

(UTV | කොළඹ) – පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර, ඊයේ (22) රාත්‍රියේ නිකුත් කළ ග්ලයිෆොසේට් සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය තහනම ඉවත් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් සඳහන් කළේ
තමා තනතුරෙන් ඉවත් කළ බවක් පිළිබදව මෙතෙක් දැනුවත් වී නොමැති බව පැවසූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, අද පස්වරුවේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද වැඩිදුරටත් කියා සිටියා.

Related posts

ජනපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි

Mohamed Dilsad

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 ක් අද මෙරටට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment