දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (24) ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 13 කින් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයින් 1212 දෙනෙක් සිය නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත.

යුද්ධ හමුදාව නිවේදනය කලේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර මේ වනවිට නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 31,541 ක් බවයි.

ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන තුල තවදුරටත් නිරෝධායනයට ලක්වන පුද්ගලයින් ගණන 7620 කි.

Related posts

වත්මන් ආණ්ඩුවේ අය බලය ගන්න කියපු දේවල් බොරු කියලා ඔප්පු වෙද්දි, මාධ්‍යයට තර්ජනය කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ට වෙඩි තබයි

Editor O

රජයේ වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment