දේශීය

පාසල් පැවැත්වෙන කාලය සංශෝධනය කෙරේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ නිවාඩු ලබාදී යළිත් ආරම්භ කරන ලද රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පංති කිහිපයක් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස දෙවනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

Related posts

තැපැල් ඡන්ද විමසීම හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ගැසට් කරයි [GAZZERT]

Mohamed Dilsad

NMRA දත්ත මැකීයාම ගැන විමර්ශන ඉදිරි දවස් දෙක තුනේදී අවසන් කළ හැකියි? – පොලීසිය

Mohamed Dilsad

Leave a Comment