දේශීය

NMRA දත්ත මැකීයාම ගැන විමර්ශන ඉදිරි දවස් දෙක තුනේදී අවසන් කළ හැකියි? – පොලීසිය

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකීයාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින දෙක තුන තුළ අවසන් වනු ඇතැයි, පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරමින් ඇති බවය.

විමර්ශනයේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධියේ අමාත්‍යාංශය මට්ටමින් සිදු කරන විමර්ශන තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා තීරණය කළේ ය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනට විමර්ශන ක්‍රියාත්මක බැවින් එම පියවර ගත් බවයි.

Related posts

කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක් [PHOTO]

Mohamed Dilsad

මහීපාල⁣ හේරත්ගේ හෝටලය කඩා ඉවත් කරයි

Editor O

රාජ්‍ය පරිපාලන ඇමතිගේ මහාචාර්යය පට්ටම, ආචාර්යය දක්වා පහත හෙළයි. I වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂාවලින් ”මහාචාර්යය” ඉංග්‍රීසි භාෂාවෙන් ”ආචාර්යය”

Editor O

Leave a Comment