දේශීය

පාසල් පැවැත්වෙන කාලය සංශෝධනය කෙරේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ නිවාඩු ලබාදී යළිත් ආරම්භ කරන ලද රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පංති කිහිපයක් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස දෙවනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

Related posts

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

Mohamed Dilsad

පාසැල් ආරම්භය පිළිබඳ පැතිර යන පුවත අසත්‍යයක්

Mohamed Dilsad

වරාය වෙත පිවිසෙන නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තුවලින් නිදහස් කරයි

Mohamed Dilsad

Leave a Comment