දේශීය

පාසැල් ආරම්භය පිළිබඳ පැතිර යන පුවත අසත්‍යයක්

(UTV | කොළඹ) – අදියර 4 කින් පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බවත්, පාසල් ආරම්භ කිරීම පිළිබදව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.   

පවතින කෝවිඩ් 19 වසංගතය පැතිරයාමේ නව තත්ත්වය හමුවේ මෙතෙක් පාසල් ආරම්භය පිළිබඳව තීන්දුවක් ගෙන නොමැති බව අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

රට තුළ පවතින වසංගත තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සෞඛය අංශ ලබාදෙන නිර්දේශවලට අනුකූලව පාසල් ආරම්භය පිළිබඳව තීරණය ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම සෞඛ්‍ය බලධාරින් ද පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මූලිකත්වය ලබාදෙමින් ඉදිරියේ දී අදාළ තීන්දු තීරණ ගනු ඇත.

Related posts

රංජන්ට අද සවස අලුත් තනතුරක්

Mohamed Dilsad

ධීවර කාර්මිකයින්ට සහ කිමිදුම්කරුවන්ට රක්ෂණයක්

Editor O

රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment