දේශීය

කුෂ් නැමැති ගංජා තොගයක් ගුවන්තොටුපලට

(UTV |කොළඹ) – කුෂ් නැමැති ගංජා පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් තොටුපළ ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් බාරයට ගෙන තිබේ.

මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 22ක් පමණ වන බව ගණන් බලා ඇත.

එම කුෂ් නැමැති ගංජා තොගය ඊයේ(20) රේගුව බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.

බිස්කට් පැකැට්ටුවක සහ ජංගම දුරකථනයක හැඩයෙන් යුතු විෂබීජහරණ උපකරණ සේ පෙනෙන අයුරින් මෙම ගංජා පාර්සල් කටුනායකට එවා තිබුණේ රේගු අවධානය වෙනතකට යොමු කිරීමේ අදහසින් බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.

එම ගුවන් පාර්සල් බාරගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකු කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ නොමැති බව ද වාර්තා වේ.

Related posts

සජිත් යළි එජාප නියෝජ්‍ය නායක ධුරයට පත් කරයි

Mohamed Dilsad

උසස් පෙළ විභාගයට එන කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන දීමනාවක්

Mohamed Dilsad

දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment