දේශීයප්‍රමුඛ පුවත 3

අපරාධ මැඩලීම්වලදී සැකකරුවන් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පසුගිය කාලය තුළ සිදුකරන ලද අපරාධ මැඩලීමේ මෙහෙයුම්වල දී සැකකරුවන් 103,651 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඊයේ (20) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැටලීම්වල දී හෙරොයින් කිළෝග්‍රෑම් 23 කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

තවත් 561 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

“කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් මිය ගියේ 23ක් විතරයි”

Mohamed Dilsad

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

Editor O

Leave a Comment