දේශීය

“කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් මිය ගියේ 23ක් විතරයි”

(UTV | කොළඹ) – කොවිඩ් තෙවන රැල්ලෙන් පසු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මොවුන්ගෙන් වැඩි පිරිසක් විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙමින් සිටි අය බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ කොවිඩ් තෙවන රැල්ලෙන් පසු කොවිඩ් එන්නත ලබාගත් පිරිසෙන්, එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන් 177 දෙනෙකු මියගොස් ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇති අයගෙන් බොහෝ පිරිසක් විවිධ වූ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයන් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් ගන්නා බව ද මෙම වෛරසයට වැඩිපුර ගොදුරු වී ඇති පිරිසෙන් වැඩිදෙනෙකු එන්නත් මාත්‍රා එකක් හෝ ලබානොගත් පිරිස බවට ද වාර්තා වී ඇතැයි හෙතෙම කීවේය.

වයස 60ට වැඩි කොවිඩ් මරණවලින් සියයට 80කට වැඩි ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත ලබානොගෙන ඇති බවට වාර්තා වී ඇති නිසා අවුරුදු 60ට වැඩි එන්නත ලබානොගත් අය වහාම ළඟ ම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් අදාළ එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කරයි.

ඇතැම් සංඛ්‍යා ලේඛන සෞඛ්‍ය අංශ විසින් වසන් කරන බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසුවේය.

Related posts

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment