දේශීයවිදෙස්

සුමාත්‍රාවල ප්‍රබල භූ කම්පනයක් – ලංකාවට අවදානමක් නැහැ

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රාවල ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර එයින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 03.59 ට පමණ රික්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය හටගෙන ඇත.

මුහුදු පතුලේ සිට කිලෝමීටර 163 ක් ගැඹුරින් මෙම භූ චලනය සිදුව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු අවදානමක් නොමැති බැවින් වෙරළබඩ ජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ

Related posts

අටුළුගම ප්‍රදේශය යළිත් හුදෙකලා කරයි

Mohamed Dilsad

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර නිලවරණයෙන් මාලිමාව ට බිංදුවයි.

Editor O

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

Mohamed Dilsad

Leave a Comment