Trending Newsඑසැන පුවත්දේශීය

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර නිලවරණයෙන් මාලිමාව ට බිංදුවයි.

අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහා නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ. එම නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට කිසිදු ආසනයක් දිනාගැනීමට හැකිවී නැත.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම ආසන 13ම දිනාගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ට එහි සභාපති, ලේකම් ඇතුළු සියලු නිලතල හිමිව ඇති බව සඳහන්.

පසුගිය සති කිහිපය තුළ මාදම්පාගම, බේරුවල, කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර සමිතිවල නිලවරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ පරාජයට පත්වීම විශේෂත්වයකි.

Related posts

ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්

Mohamed Dilsad

நடிகை அனுபமா கிரிக்கெட் வீரர் பும்ராவை காதலிக்கிறாரா?

Mohamed Dilsad

இலங்கை கிரிக்கட்டின் தேர்வுக்குழுவில் மாற்றம்!

Mohamed Dilsad

Leave a Comment