Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් රුපියල් මිලියන 100ක් වන්දි ඉල්ලයි : නොදුන්නොත් නඩු දානවා – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15 ක් පමණ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා නීතිඥවරුන් විසින් එන්තරාවාසියක් යොමු කර ඇත.

2024 ජනවාරි 9 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී “අන්නාසිගලට ඇත්තටම මොකද වෙන්නේ?” යන මාතෘකාව යටතේ සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන්ට ‘නම සඳහන් කරමින්, අපහාසාත්මක, උපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදු කරමින්, නීති විරෝධී රාජ්‍ය ඉඩම් කොල්ලකෑම් සහ තවත් දූෂිත ක්‍රියාවන් කිහිපයකට සම්බන්ධ බවට අපහාස කර ඇතැයි එන්තරාවාසියේ දැක්වේ.

ඇමති සමන්තගේ ප්‍රකාශයෙන් තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ‘පහත් මතයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද, ඇමතිවරයාගේ ප්‍රකාශයේ ‘අන්තර්ගතය අසත්‍ය වන අතර, එය මගේ සේවාදායකයාට අපහාසාත්මක’ වන බව එච්.ඩී.සී.ඩී.හතුරුසිංහ නීතිඥ විසින් මහියංගනය, රදීමාලියද්දේ සමන්ත විද්‍යාරත්න ගේ ලිපිනයට යොමු කර ඇති එන්තරාවාසියේ දැක්වේ.

කීර්ති තෙන්නකෝන් ගේ යැයි දැක්වෙන හැදුම්පතක් පිළිබඳ විස්තර, රක්ෂිත වනාන්තරයක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ජාවාරම්කරුවෙකු බව නැවත නැවත ප්‍රකාශ කිරීම, අනවසර ඉදිකිරීම් සිදු කිරීම, කැලෑ කැපීම, ඉඩම් අල්ලා විකුණා ඇති බව, රජයේ අඹ පැල මුදලට විකිණීම ආදී වශයෙන් චෝදනා හා අසත්‍ය ප්‍රකාශ 15 ක් පුවත්පත් සාකච්ඡාවේ දී ඇමති විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කර තිබුණි.

එන්තරාවාසියේ තවදුරටත් දැක්වෙන්නේ කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කළ ‘චෝදනා වැරදි සහ අසත්‍ය බවත්, ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ රාජ්‍ය ආයතනයක හිටපු නිලධාරියෙකුගේ නොකැළැල්, ගෞරවනීය චරිතය විනාශ කිරීමට, සමච්චලයට ලක් කිරීමට සහ අවමන් කිරීමට චේතනාන්විතව’ අරමුණු කර ඇති බවයි.

තව ද, ‘හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද, වර්තමානයේ සමාජයේ මත සාදන්නෙකු ලෙස ද කටයුතු කරන කීර්ති තෙන්නකෝන් හට සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශ මගින් බරපතල හානියක්, හොඳ නමට සහ කීර්ති නාමයට, චරිතයට සහ ගෞරවයට හානි සිදුවී ඇති බව’ දැක්වේ.

තෙන්නකෝන් මහතා ට සිදු කළ හානිය රුපියල් මිලියන 100 ක් ලෙස ඇස්තමේන්තු කරන බවත්, එම කතාවේ සහ ලිපියේ එම අපහාසාත්මක අන්තර්ගතයේ කථිකයා/කර්තෘට ගෙවිය යුතු මුදල ගෙවීමට ඔබ පෞද්ගලිකව බැඳී සිටින බව’ ත් දැක්වේ.

ලිපිය ලැබී දින 14ක් ඇතුළත එම රුපියල් මිලියන 100 ක් ඉල්ලා සිටින බව ත්, එම මුදල ගෙවීමට අසමත් වන්නේ නම්, එම මුදල අයකර ගැනීමටත්, එයට අමතරව පොලී සහ නඩු වියදම් ලබා ගැනීමට නීතිමය පියවර ගන්නා බවත් එන්තරාවාසියේ දැක්වේ.

Related posts

Army clarifies its position on alleged removal of Military Camps in the North

Mohamed Dilsad

ILO hails Sri Lanka as “beacon of hope in South Asia”

Mohamed Dilsad

පොහොට්ටුව දෙකඩ වෙන විදිය ගැන නාමල් රාජපක්ෂ කියපු කතාව

Editor O

Leave a Comment