දේශීයප්‍රමුඛ පුවත 2

පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

(UTV | කොළඹ ) – පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ඒ අනුව ලබන 20 වන දා පෙරවරු 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

තවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධූරයට පත් කළ බව සහ නව අමාත්‍ය මණ්ඩලය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

පුස්සැල්ලාවේ මුද්‍රණාලයක් ගින්නකින් විනාශයි

Mohamed Dilsad

රට පුරා ස්ථාන රැසක කේබල් රූපවාහිනි නාලිකා නීති විරෝධීව පවත්වාගෙන යන බවට පැමිණිලි.

Editor O

‘නිවාර්’ ඉන්දියාවේ තමිල්නාඩුවට කඩා වදී

Mohamed Dilsad

Leave a Comment