දේශීයප්‍රමුඛ පුවත 2

පාර්ලිමේන්තුව කැදවීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි

(UTV | කොළඹ ) – පසුගිය මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය දැන් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ඒ අනුව ලබන 20 වන දා පෙරවරු 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

තවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධූරයට පත් කළ බව සහ නව අමාත්‍ය මණ්ඩලය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

නව කොරෝනා ආසාදිතයින් 92ක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 175 දෙනෙක්

Mohamed Dilsad

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment