දේශීය

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

(UTV | ලංකාපුර) – කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව අද (14) සිට යළි විවෘත කිරීමට නියමිතය.

නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩල අද දිනයේ යළි සේවයට වාර්තා කරන බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

පසුගිය ජුලි මස 30 වැනිදා සහ අගෝස්තු 03 වැනිදා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයෙකුට සහ එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගනු ලැබීය.

ඒ අනුව සෞඛ්‍ය අංශ මැදිහත් වී වහාම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව වසා දැමීමට පියවර ගැනුණි.

Related posts

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

වැලිකඩ සිරකරු නඩුවේ විත්තිකරුවෙක් නිදහස් කරයි

Mohamed Dilsad

විරෝධතා මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment