දේශීයව්‍යාපාරික

ලොකු ළූණු වගාවට අනතුරක්

(UTV | කොළඹ ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්වයත් සමඟ ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ළූණු අස්වැන්නෙන් 30% පමණ ප්‍රමාණයක් හානි විය හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා සඳහන් කළේය.

වගාවන් තුළ සුළු වශයෙන් හෝ දිලීර ව්‍යාප්තිය පවතින්නේ නම්, කෘෂි පර්යේෂණ නිලධාරීන් දැනුවත් කරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වගාකරුවන්ට දැනුම් දෙයි.

Related posts

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

අධික බදු කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන රාජ්‍ය ආයතන සම්බන්දයෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

Mohamed Dilsad

Leave a Comment