දේශීයව්‍යාපාරික

ලොකු ළූණු වගාවට අනතුරක්

(UTV | කොළඹ ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්වයත් සමඟ ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ළූණු අස්වැන්නෙන් 30% පමණ ප්‍රමාණයක් හානි විය හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා සඳහන් කළේය.

වගාවන් තුළ සුළු වශයෙන් හෝ දිලීර ව්‍යාප්තිය පවතින්නේ නම්, කෘෂි පර්යේෂණ නිලධාරීන් දැනුවත් කරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වගාකරුවන්ට දැනුම් දෙයි.

Related posts

කොවිඩ් මරණ ගැන අසත්‍ය පැතිරූ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

නැවත මුව ආවරණ පළඳින ලෙස දැඩි නිර්දේශ

Mohamed Dilsad

Leave a Comment