Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා ස්ථාන රැසක කේබල් රූපවාහිනි නාලිකා නීති විරෝධීව පවත්වාගෙන යන බවට පැමිණිලි.

රජයේ අවසරයකින් තොරව උතුරු, නැගෙනහිර, කඳුකර ප්‍රදේශ සහ වැල්ලවත්ත ආශ්‍රිතව කේබල් රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යන බවත්, මේ නිසා සමාජයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවත් විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම කේබල් රූපවාහිනී නාළිකා වලින් ඉන්දීය රූපවාහිනී නාළිකාවල වැඩසටහන් ප්‍රචාරය කෙරෙන බවයි පැවසෙන්නේ. වැඩි වශයෙන් ප්‍රචාරය කෙරෙන්නේ දකුණු ඉන්දීය කේබල් රූපවාහිනී වැඩසටහන්ය. එමෙන්ම මෙම රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යනු ලබන්නේ දේශපාලඥයන්ගේ සහයෝගය මත බවද පැවැසේ.

විද්‍යුත් විකාශකයන්ගේ සංගමය 2018 වසරේ සිටම මෙම කේබල් රූපවාහිනී නාළිකා සම්බන්ධව පැවති ආණ්ඩු දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ඇතැමුන් ස්වයං රැකියා ලෙස නිවාස වල සිටම මෙම කේබල් රූපවාහිනී නාළිකා පවත්වාගෙන යන බවට එම සංගමයට තොරතුරු ලැබී ඇත. ස්වයං රැකියා ලෙස මෙම කටයුතු වල නිරතවන්නෝ දුරකථන කණුවලින් කේබල් යොදාගෙන මීටර් 500 ක පමණ වපසරියක නිවාස වලට රූපවාහිනී නාළිකා වැඩසටහන් බෙදාහරිති. ඒ සඳහා අදාළ සේවාව ලබාගන්නා නිවැසියන්ගෙන් මාසික ගාස්තුවක්ද අය කෙරේ.

ඉන්දියානු චන්ද්‍රිකා තාක්ෂණ රූපවාහිනී නාළිකා නැරැඹීමට අදාළ පෙර ගෙවුම් කාඩ්පත් උතුරු, නැගෙනහිර, වැල්ලවත්ත, කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව අලෙවි කිරීමට තිබෙන බවත්, මෙම මුදල් උණ්ඩියල් ක්‍රමයට ඉන්දියාවට යවන බවටද විද්‍යුත් විකාශකයන්ගේ සංගමයට තොරතුරු ලැබී තිබේ.

මෙම රූපවාහිනී නාළිකා නරඹන ප්‍රදේශ ආශ්‍රිතව පදිංචිකරුවන් යොදගෙන විද්‍යුත් විකාශකයන්ගේ සංගමය 2018 වසරේදී සමීක්ෂණයක් ද කර ඇත. එහිදී පුද්ගලයන් සිය දෙනකුගෙන් කරන ලද විමසීමකදී රටේ අගමැතිවරයා කවුදැයි නිවැරදිව සඳහන් කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනකු පමණි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේද අවසරයකින් තොරව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන මෙම කේබල් රූපවාහිනී නාළිකා සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙස විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ජනාධිපති අනුර දිසානායක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිද දැනුවත් කිරීමටද පසුගියදා කටයුතු කළේය.

Related posts

UN Special Rapporteur Ben Emmerson to visit Sri Lanka

Mohamed Dilsad

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment