ක්‍රීඩා

පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 ක් කොන්ත්‍රාත්ගත කරයි

(UTV | කොළඹ) – ක්‍රිකට් තරඟ විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

දීපාල් මදුරප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් විනිසුරු කමිටුව කරන ලද යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් පසුගියදා රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු ඒ සඳහා අනුමැතිය ලබා දී තිබේ.

මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 ක් යටතේ සිදුකර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වෙයි.

එහිදී ජාතන්තර තලයේ පසුවන විනිසුරුවන් 04 දෙනෙකු, නැගී එන කණ්ඩායමේ විනිසුරුවන් 06 දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් 10 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබනු ඇත.

Related posts

ඉන්දියාවට කඩුළු 4 ක ජයක්

Mohamed Dilsad

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

Leave a Comment