ව්‍යාපාරික

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්ය නලින් ද සිල්වා සහ මියන්මාරයේ පුද්ගලික ගුවන්සේවා සමාගමක් වන Myanmar Airways International (MAI) හි ප්‍රධාන විධායක නිලධාරී සරවනන් රාමසාමි හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටනේස් කුමාර් අතර මෙම සාකච්ඡාව පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

දෙරට අතර සංචාරකයින් සැලකිය යුතු කාලයක් සංක්‍රමණ සඳහා වැය කරන අතර ගුවන් ගමන් කාලය පැය 3 කටත් වඩා අඩු බව එහිදී අවධාරණය කෙරිණි.

 

Related posts

ඉදිරි සති දෙක ඇතුළත බිත්තරට පාලන මිලක්

Mohamed Dilsad

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් අවසර

Mohamed Dilsad

පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර බෙදා හැරීම අතවශ්‍ය කරුණක් කරයි

Mohamed Dilsad

Leave a Comment