දේශීයව්‍යාපාරික

ඉදිරි සති දෙක ඇතුළත බිත්තරට පාලන මිලක්

(UTV | කොළඹ) – බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

සුපිරි වෙළෙඳ ජාලවල අලෙවියට ඇති ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම්කරණයට වැය වන මුදල ද ඇතුළත් කර නව පාලන මිලක් නියම කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතයි.

එහිදී ඇසුරුම්කරණයට අදාළ නිර්නායක පිළිබඳ ව මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හරහා අවශ්‍ය සලකා බැලීම් සිදු කරමින් පවතින බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කළා.

සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 43ක් ලෙසත් රතු හෝ දුඹුරු බිත්තරයක උපරිම මිල රුපියල් 45ක් ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා පාලන මිලක් නියම කළා.

ඊට බිත්තර නිෂ්පාදකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර මේ වනවිට වෙළෙදපොලේ බිත්තර හිඟයක් ද පවතිනවා.

කෙසේ වෙතත් සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන්ව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු එකඟ වූ බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සදහන් කළේ.

කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ අද (29) සිට හිගයකින් තොරව වෙලෙදපොලට බිත්තර නිකුත් කරන බවයි.

Related posts

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට

Mohamed Dilsad

ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ රැසකට සහතිකපත්

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සඳුදා

Mohamed Dilsad

Leave a Comment