දේශීය

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නිකුත්කළ වරෙන්තුව අත්හිටුවයි [UPDATE]

(UTV | කුරුණෑගල) – කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අගෝස්තු 24 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්හිටුවන ලෙසට ඉල්ලමින් කුරුණෑගල නගරාධිපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත ගොනුකළ රීට් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත්කර තිබේ.


 

(UTV | කුරුණෑගල) – තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ගොණුකල රිට් පෙත්සම අද (12)  අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි.

වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුලු පිරිසක් එහි වග උත්තරකරුවන් ලෙස දක්වා ඇත.

කුරුණෑගල නගරයේ ඉපැරණි ගොඩනැගිල්ලක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගහැර සිටින එහි නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා ඇතුලු විත්තිකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා දෙවන වරටත් වරෙන්තු නිකුත් කළේය.

එමෙන්ම විත්තිකරුවන්ට රටින් පිටවීමද තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

 

Related posts

එන්නත්කරණ වැඩපිළිවෙල තවත් දිස්ත්‍රික්ක 13 කට

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර අලුතින් නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Editor O

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

Mohamed Dilsad

Leave a Comment