විදෙස්

ඊශ්‍රායලය ගාසා තීරය යළිත් වසා දමයි

(UTV | ඊශ්‍රායලය) – ගාසා තීරය හා භාණ්ඩ හුවමාරු වන මුරපොළ යළි වසා දැමීමට ඊශ්‍රායලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ, හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

ඔවුන් වැටුණු විට ගිනි ඇවිලෙන ද්‍රව්‍ය ඇමුණූ හීලියම් වායු බැලූන ද ඊශ්‍රායලය දෙසට යොමු කර ඇති බව සඳහන් වෙයි.

මීට පෙර එලෙස ගිනි ඇවිලෙන ද්‍රව්‍ය සරුංගල් මගින් එවීමෙන් ඊශ්‍රායලයේ ගොවි බිම් රැසක් ගිනිගෙන දැවී ගොස් ඇත.

Related posts

එංගලන්ත මහ මැතිවරණයෙන් පාලක කන්සර්වටිව් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි මත

Mohamed Dilsad

ත්‍රස්තයින් එල්ල කල ප්‍රහාරයකින් බුර්කිනෝ ෆාසෝහි දෙවස්තානයක සිටි 6කු මරුට

Mohamed Dilsad

තායිලන්තය සංචාරකයින් සදහා යලි විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment