විදෙස්

ලෙබනන් රජය ඉල්ලා අස්වෙයි

(UTV | ලෙබනන්) – පුද්ගලයින් 200 කට අධික පිරිසකට මරු කැඳවමින් බේරූට් හි සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වූ දැඩි කෝපය මධ්‍යයේ ලෙබනනයේ රජය ඉල්ලා අස්වී තිබේ.

ඊයේ(10) අග්‍රාමාත්‍ය හසන් ඩයබ් විසින් එරට රූපවාහිනිය ඔස්සේ මෙම නිවේදනය නිකුත් කර ඇත.

රජයේ නොසැලකිලිමත්කම හා වංචා දූෂණය හේතුවෙන් මෙම පිපිරීම සිදුවූ නිසා ඊට රටේ නායකයින්ට වැරදිකරුවන් බවට පවසමින් ජනතාව වීථි බැස ඊයේ තුන්වන දිනටත් විරෝධතා පැවැත් වුහ.

මෙහිදී ඔවුන් පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත බව විදෙස් වාර්තා පවසයි.

වසර ගණනාවක් තිස්සේ වරායේ අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් පුපුරා යාමෙන් මෙම දැවැන්ත පිපිරීම සිදුවිය.

කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස ජනාධිපති මයිකල් අවුන් රජයෙන් ඉල්ලා තිබේ.

Related posts

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පවත්වන දිනය නිවේදනය කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන අනු ලක්‍ෂය ඉක්මවයි

Mohamed Dilsad

ඇමරිකානු ගුවන් කඳවුරක් සිරියාවේදී විනාශ කරයි

Mohamed Dilsad

Leave a Comment