ප්‍රමුඛ පුවත 3විදෙස්

ලෙබනනයේ පිපිරීම්වලින් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – ලෙබනනයේ අගනුවර වන බීරූට් හි සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 78ක් මියගොස් තිබේ.

එම පිපිරීමෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් තුවාල ලබා බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වසරක හයකට අධික කාලයක් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාවක අදාළ පිපිරීම සිදුව ඇති බව වාර්තා වේ.

ඇමෝනියා නයිට්රේට් ටොන් 2750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබූ බව පිළිගත නොහැකි බව එරට ජනාධිපති මයිකල් අවුන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එහි වගකිවයුතු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන බව එරට ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර පිපිරීමෙන් විපතට පත්වූවන්ට ලබාදීම සඳහා ඩොලර් මිලියන 66ක මුදලක් නිදහස් කර තිබේ.

Related posts

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

කදවුරක සිදුවූ අනතුරකින් ඉන්දීය නාවිකයෝ දෙදෙනෙකු මිය යති.

Mohamed Dilsad

Leave a Comment