දේශීය

බීමතින් රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

(UTV | වේයන්ගොඩ) –  ජන්දය ගණන් කිරීමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපනවිද්‍යා පීඨයට බීමත්ව පැමිණ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සමග ආරවුලක් ඇති කරගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසා සිටියි.

අදාළ පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයේදී බීමත්ව සිටින බවට තහවුරු වීමෙන් අනතුරුව මෙසේ වැඩ තහනමට ලක්කර තිබේ.

වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති පොලිස් මුරපොලේ නිලධාරින්ට මුඛ ආවරණ ලබා දීමට ගොස් ඇති පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ කතා බහක් ඇතිවී තිබේ.

පසුව එම නිළධාරියා සිද්ධිය ගම්පහ කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වාට දැනුම් දීමෙන් අනතුරුව සැකකාර පොලිස් පරීක්ෂකවරයාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මෙලෙස වැඩ තහනම් කල බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

මාලිමා අපේක්ෂකයාගේ දෙමහල් නිවසේ කසිප්පු නිෂ්පාදනාගාරයක් : දඹුල්ල නගර සභාවට මාලිමාවෙන් නාම යෝජනා බාර දුන් අයෙක්

Editor O

වෙළෙඳ අමාත්‍ය බන්දුල පාකිස්තානයට

Mohamed Dilsad

රාජ්‍ය සංස්ථාවක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment