දේශීය

ඡන්දය සලකුණු කරන ආකාරය ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවේ

(UTV |මහනුවර) – තමන් ඡන්දය සලකුණු කරන ආකාරය ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවලපිටිය පොලිසිය මගිනි.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු උදැසන නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කර තිබේ.

එම අවස්තාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකු බවත් , සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පවසයි

Related posts

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

උඩරට ගිවිසුමටත් වැඩි පාවාදීමක් වත්මන් ආණ්ඩුව කළා – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලිය නිසා වෛද්‍ය වැඩ වර්ජනය දුරදිග යයි…?

Editor O

Leave a Comment