දේශීය

ඡන්දය සලකුණු කරන ආකාරය ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවේ

(UTV |මහනුවර) – තමන් ඡන්දය සලකුණු කරන ආකාරය ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවලපිටිය පොලිසිය මගිනි.

නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු උදැසන නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කර තිබේ.

එම අවස්තාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකු බවත් , සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පවසයි

Related posts

ගල්අඟුරු නැවක් අද දිවයිනට

Mohamed Dilsad

රේන්ජ් රෝවර් වාහන 150ක් ගෙන්වීම සඳහා ඇණවුම්

Editor O

අරගලකරුවන් පිරිසක් දුම්රියෙන් බෙලිඅත්ත වෙත ගමන් කරයි

Mohamed Dilsad

Leave a Comment