Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා අපේක්ෂකයාගේ දෙමහල් නිවසේ කසිප්පු නිෂ්පාදනාගාරයක් : දඹුල්ල නගර සභාවට මාලිමාවෙන් නාම යෝජනා බාර දුන් අයෙක්

දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් පදනම් කරගෙන 21 දින දඹුල්ල ,ඩී4 ඇළ අතුපාරයාය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මහ පරිමාණ කසිප්පු ස්කාගාරයක් දඹුල්ල පොලීසියේ නිලධාරීන් විසින් වටළා තිබේ.

ස්කාර හිමිකරු මෙවර දඹුල්ල මහ නගර සභාවට තරග කරන පුද්ගලයෙකු බවත් ඔහු කලක් තිස්සේ ඉතා සුක්ෂම ආයුරින් මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවත් විස්වාස කරයි. මෙම වැටලීමෙන් ගෝඩා මිලිලීටර් ලක්ෂ 8ක් පමණ හා කසිප්පු ස්පීත්තු මිලිලිටර් 15000ක් අඩංගු බෝතල් 20ක කෑන් එකක් දඟර දෙකක් බැරල් 4ක් ඇතුළු උපකරණ පොලිස් බාරයට ගැනිමට පොලිසිය සමත්විය.

මෙම නිවසේ හිමිකරු පැන ගොස් ඇති අතර ඔහු මෙවර දඹුල්ල මහ මහ නගර සභාවේ 24දෙනෙකුගෙන් යුතු (මාලිමා) කාණ්ඩායම නියෝජනය කරන බව සැලයි.

අත්වඩංගුවට ගත් අපෙක්ෂකයාගේ බිරිද පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන බදාදා දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

– මහින්ද උදයසිරි රත්නායක

Related posts

ACMC Leader Rishad Bathiudeen left for Mecca

Mohamed Dilsad

UAE to enhance commercial ties with Sri Lanka

Mohamed Dilsad

ஆடிக்கொண்டே ஆபரேசன் செய்த டாக்டர்-(VIDEO)

Mohamed Dilsad

Leave a Comment