Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල්, දුම්රිය, සෞඛ්‍ය, සරසවි වර්ජන රැල්ලක් ළඟ… ළඟ ම….

අතිකාල, නිවාඩු දින දීමනා සහ උසස්වීම් කප්පාදු කිරීමට එරෙහිව තැපැල්, දුම්රිය, සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් එකතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් වේ. එම ක්ෂේත්‍රවලට අදාළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු නියෝජිතයන් අතර දීර්ඝ ලෙස කරන ලද සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙවර අයවැය යෝජනා හරහා යම් වැටුප් වැඩි කිරීමක් කළද ඊට සාපේක්ෂව මාසික වැටුපෙන් වැඩි කරන ලද මුදල කප්පාදුවකට ලක්කරන බවයි.

මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා වට කිහිපයක් සිදු කළ ද ඉන් කිසිදු ඵලක් නොමැති බැවින් ඉදිරියේදී මෙලෙස සියලු වෘත්තීය සමිති එකතුව දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යාමට තීරණය කළ බවද ඔවුහු පවසති.

එම වෘත්තීය සමිති පෙන්වා දෙන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා මෙලෙස වැටුප් කප්පාදු කෙරේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසන් අරමුණ වී ඇත්තේ තැපැල්, දුම්රිය, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක යම් කොටසක් පෞද්ගලීකරණය කිරීම බව වෘත්තීය සමිති වෙනුවෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් පැවැසීය. එම අරමුණ ඉෂ්ට කරගැනීම සඳහා මෙලෙස වැටුප් කප්පාදු කිරීම් සිදු කරන බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

චාමර පල්ලේගෙදර

Related posts

நோர்வூட்டில் மோட்டார் சைக்கிலில் மோதுண்ட வயோதிபபெண் படுகாயமடைந்து கண்டி வைத்தியசாலையில்

Mohamed Dilsad

நவாஸ் ஷரிப்பிற்கு லண்டனில் சிகிச்சை

Mohamed Dilsad

குழந்தையின் தலை அதிகம் வியர்ப்பதற்கான காரணங்கள்

Mohamed Dilsad

Leave a Comment