දේශීය

සම්පයෝ ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

(UTV |මීගමුව) – රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව් දෙනා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ ලබන 18 වන දා දක්වාය.

ඔවුන් අද (04) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සම්පායෝ දින 11ක කාලයක් අධිකරණය මඟහැර සැඟව සිටි අතර පසුව ඔහු ඉරිදා කුරුණෑගල දී අත්අඩංගුවට පත්වුණි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසකට නීති විරෝධී ආකාරයෙන් පහසුකම් ලබා දීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවවේ.

 

Related posts

රූමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපන්නු

Mohamed Dilsad

ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකර ඇති බවට චෝදනා

Mohamed Dilsad

Leave a Comment