දේශීය

රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්

(UTV | කොළඹ ) – විදේශ ගත ව මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සූදානම් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මැදපෙරදිග ඇතුළු රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයින් 10,000කට පමණ රැකියා අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය පවසයි.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40,000ක් පමණ දිවයිනට පැමිණිමට මේ වන විටත් ඉල්ලුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඔවුන් මෙරටට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇති බව ද මංගල රන්දෙණිය සඳහන් කරයි.

Related posts

වන්නි දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ

Editor O

නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment