දේශීය

නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

(UTV | කොළඹ) – නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (03) මරණ දඬුවම නියම කරනු ලැබීය. 

ඒ , කොකේන් ග්‍රෑම් 774 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිචෝදනා එල්ලවීම හේතුවෙන්.

කොකේන් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමට අදාළව චෝදනා 2 ට ඔහු වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඔහුට මරණ දඬුවම නියම කළේය.

2016 වසරේ ඔක්තෝබර් 04 වන දින රත්මලාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම නයිජීරියානු ජාතික ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

පොහොට්ටුවේ ආසන සංවිධායකවරු පිරිසකට නාමල්ගෙන් පත්වීම් ලිපි

Editor O

Leave a Comment