දේශීය

රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය

(UTV | කොළඹ ) – රියදුරු බලපත්‍රවලට ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ.

රියදුරන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට යොදා ගත හැකි උපාය මාර්ගයක් ලෙස මෙය හඳුන්වා දී ඇත.

මෙම ක්‍රමය තුළින් නොසැලකිලිමත් බව හේතුවෙන් සිදුවන මාර්ග අනතුරුවල දී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු තීරණය වේ.

මාර්ග අනතුරු සිදුකළහොත් එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහළට රියන්දුරන්ගේ බලපත්‍රවලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවෙයි.

අවසානයේ ලකුණු 0 දක්වා කැපී ගිය පසු රියදුරු බලපත්‍රය අහෝසි වෙනු ඇත.

ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මෙම ලකුණු ලබා දීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි පැවසීය.

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කෙරේ

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරු අල්ලයි

Mohamed Dilsad

සෞදියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය වැසේ

Mohamed Dilsad

Leave a Comment