දේශීය

සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙක් අත්අඩංගුවට

(UTV | නුවරඑලිය) – ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපේක්ෂක ජයලත් දිසානායක මහතා අද (23) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව හඟුරන්කෙත පොලිසිය පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍යය සි.බී.රත්නායක මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ රියදුරාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පහර කෑමට ලක්වූ බව කියන අදාළ පුද්ගලයා හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

Related posts

යුක්රේන සංචාරකයින් ඇතුලු 626 දෙනෙක් අද දිවයිනට

Mohamed Dilsad

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් කොරෝනා මරණයක්

Mohamed Dilsad

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීම යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment