දේශීය

ඩීසල් නැත – තෙල් සංස්ථාවෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – හෙට සහ අනිද්දා දිනයන් හිදී ඩිසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසලට ඒකරාශී නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට දැනුම් දී සිටිනවා.

ඩිසල් මෙට්ට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණත් එය ගොඩබෑමට සැලසුම් කර තිබු ආකාරයෙන් නොහැකිවූ බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා වන වාහන සඳහා අඛන්ඩව ඩිසල් සැපයීම සිදුකරනු ලබන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර පෙට්ට්‍රල් සැපයීම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඉල්ලීමක්[PRESS RELEASE ]

Mohamed Dilsad

ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි

Mohamed Dilsad

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකියි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

Mohamed Dilsad

Leave a Comment