දේශීය

රාජ්‍ය සේවකයන් නිවෙස්වල තියන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – දෛනික විදුලි කප්පාදුව අවම කර ගැනීමට හැකි ක්‍රමවේදයක් මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළා.

සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී රජයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළහොත් දෛනික විදුලි කප්පාදු කාලය තවත් පැය 02 ක් හෝ 03 ක් අවම කර ගැනීමට හැකි වනු ඇති බවයි.

විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල වේලාවන් තුලදී කාර්යාල කටයුතු පවත්වා ගෙන යෑම සඳහා විදුලි උත්පාදන යන්ත්‍ර යොදා ගැනීමට සිදුවනවා.

ඒ සඳහා යොදා ගනු ලබන ඩිසල් තොග සහ දෛනික ප්‍රවාහන සේවා සඳහා යොදා ගනු ලබන ඩීසල් ප්‍රමාණය අඩු කිරීමෙන් එම ඩිසල් ප්‍රමාණය විදුලි උත්පාදනය සඳහා යොදා ගත හැකි බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

Related posts

ඉන්දුනිසියාවෙන් දුම්රිය මැඳිරි 70 ක් හා බහාලුම් ප්‍රවාහණය සඳහා තට්ටු 20 ක්

Mohamed Dilsad

මාලිමාව සහ රිෂාඩ් බදියුදීන් මුසලි ප්‍රාදේශීය සභාවේ බලය අල්ලයි.

Editor O

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment