දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට – වේරහැර කාර්යාලවල මහජන සේවා යළි ඇරඹෙයි

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවා සැපයීමට අදාළ කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා.

සීමා කිරීම්වලට යටත්ව එම සේවා පවත්වාගෙන යන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ.

දිවයින පුරා ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ තවදුරටත් අත්හිටුවා ඇති අතර අනෙකුත් සේවා ඉටු කරගැනීම සඳහා 0112 677 877 යන දුරකථන අංක ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු වනවා.

පළාත් අතර සංචාරණ සීමා පනවා ඇති බැවින් වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවලින් සේවාවන් සපයනු ලබන්නේ බස්නාහිර පළාතේ පුරවැසියන්ට පමණක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

වාහන ලියාපදිංචිය සඳහා යම් පැහැදිළි කර ගැනීමක් අවශ්‍ය නම් 0707 යි 677 877 යන දුරකථන අංකයටත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය නම් 0707 යි 677 යි 977 යන දුරකතන අංකයටත් රාජකාරි දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල වල කටයුතු අදාල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ මග පෙන්වීමෙන් සිදු කෙරෙනු ඇති.

Related posts

රිය අනතුරකින් බිළිඳෙක් සහ පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

Mohamed Dilsad

ලබන වසරේ සිට නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

Editor O

Leave a Comment