ක්‍රීඩා

යුපුන් – නිලානිට ඔලිම්පික් වරම් හිමිවෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ මීටර් 100 ධාවන ඉසව්වෙන්. ඊට අදාළව ඉතාලියේ පැවැති තරගාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.

මේ අතර නිලානි රත්නායක බාධක දිවීමේ තරග ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන්.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු දැනට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා අවසන්.

Related posts

ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් ගැන පුහුණුකරුගේ අදහස

Mohamed Dilsad

දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment